
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී මෑතකදී සම්මත කෙරුණු පනත් සහ රෙගුලාසි ගණනාවක පවතින විවිධ අඩුපාඩු හෝ දෝෂ හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නීතිමය වශයෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
පනත් සහ රෙගුලාසි සකස් කිරීමේදී නිලධාරීන් අතින් වැරදි සිදුවීම වැඩිවෙමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව පනත් සකස් කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසට රජය සියලුම අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස්දී ඇත.
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේද කිසියම් අඩුපාඩුවක් පවතින හෙයින් එම පනතට සංශෝධනයක් ගෙන එනතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම තාවකාලිකව නතරවී ඇත.
සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතත් පත් කිරීම් කරනුයේ එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීමේදී එම සංශෝධනය ගෙන ඒමට නියමිතය.

